රටතුළ ආපදා තත්ත්වයක් සිදුවුවද මේ මාසය තුළ සංචාරකයින් විශාල සංඛ්‍යාවක් දිවයිනට පැමිණ තිබෙනවා.
සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කළේ, මේ මාසයේ පසුගිය 25 වැනිදා දක්වා සංචාරකයික් 195,394ක් මෙරටට පැමිණ ඇති බවයි.
එමෙන්ම, වසරේ මේ දක්වා කාලය තුළ 2,298,987 දෙනෙකු දිවයිනට පැමිණ තිබුණා.
මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියන 2.2 (2,258,202) ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය නිවේදනය ඇත.
දෙසැම්බර් මාසයේ ගතවූ දින කිහිපය තුළ පමණක් සංචාරකයින් 154,609 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, එය සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් ලෙස සැලකෙනවා.
දෙසැම්බර් මාසයේ පැමිණි සංචාරකයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 35,337ක් වන අතර, එය සමස්ත පැමිණීමෙන් 23% ක් ලෙස සැලකේ
මීට අමතරව රුසියාවෙන් 15,674ක්, එක්සත් රාජධානියෙන් 12,961ක්, ජර්මනියෙන් 10,682ක්, ඕස්ට්‍රේලියාවෙන් 8,810ක්, ඉන්දියාවෙන් 510,133ක්, එක්සත් රාජධානියෙන් 204,703ක්, රුසියාවෙන් 174,267ක්, ජර්මනියෙන් 141,941ක් සහ චීනයෙන් 129,403ක් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.
Comments (0)
Leave a Reply
No comments yet. Be the first to share your thoughts!